නව රූපවාහිනී අධ්‍යාපන නාලිකාව පිළිබඳ තාක්ෂණික පසුබිම සොයා බලයි


 

 

 

 

 

 

 





අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කිරීමට යෝජිත නව රූපවාහිනී නාලිකාවේ විකාශන කටයුතු සඳහා අදාළ තාක්ෂණික පසුබිම සොයාබැලීමේ සහ ගුවන් අවකාශ වෙන්කරගැනීමට අදාළ තාක්ෂණික කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (16) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. MTV ආයතනයේ ඉංජිනේරු අධ්‍යක්ෂ ආචාර්ය තාරක මොහොට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පවත්වනු ලැබිණි. 

නව නාලිකාවක් ආරම්භ කිරීමේ දී ඒ සඳහා දැරිය යුතු වන විකාශන පිරිවැය, යොදාගන්නා රූපවාහිනී තාක්ෂණය, ධාරිතාව, අන්තර්ගතය සකස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද එහිදී ප්‍රායෝගික ව මුහුණදීමට සිදුවන අභියෝග සහ ඊට වඩාත් ගැළපෙන විසඳුම් සම්බන්ධ ව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ශාඛාවේ අධ්‍යක්ෂ නීල් ගුණදාස, ඉ- ඉගෙනුම් හා නැණස රූපවාහිනී වැඩසටහන් ඒකකයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.ඒ එස්. ඩබ්. විජේසූරිය මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

0 Comments